Friday 19th of June 2026

English Tamil
Advertiesment


සහරාන්ට පඩි ගෙවූ බව මහින්දත් කෙහෙළියත් පිළිගත්තා


2021-11-12 15762

 

මහින්ද රාජපක්ෂ මැතිතුමාත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතාත්, පාස්කු ප්‍රහාරය දියත් කළ සහරාන්ට පඩි ගෙවූ බව පිළිගත් බවත්  2010 ට පෙර සරත් ෆොන්සේකා මහතා හමුදාපති කාලේ සහරාන්ගේ සහය ලබාගත්තේ නැති බව සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.
    
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සදහන් කළේ බ්‍රහස්පතින්දා(11) පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය පිළිබදව අදහස් දැක්වූ අවස්ථාවේ දී ය.    

මම කියන්න කැමතියි සහරාන්ට පඩි ගෙව්වා කියලා මහින්ද රාජපක්ෂ මහතා ගැටඹේ රාජෝපරාමයේදී පිළිගත්තා.කෙහෙළිය රඹුක්වැල්ල මහතා පුවත්පත් සාකච්ඡාවකදී  සහරාන්ට පඩි ගෙව්වා කියලා පිළිගත්තා.  ඒ වගේම සරත් ෆොන්සේකා මහතා මේ පාර්ලිමේන්තුවේදී කිව්වා එතුමා හමුදාපති කාලේ කිසිම දවසක සහරාන්ගේ සේවයක් ලබාගත්තේ නෑ කියලා. ඒ සියල්ල ලබාගත්තේ 2010 න් පස්සේ කියලා එතුමා මේ පාර්ලිමේන්තුවේදි කියලා තියනවා.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment